තමිල්නාඩුවේ ඩී එම් කේ පක්ෂ නායක මෙන්ම හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වන එම් කරුණානිධිගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බවට ඉන්දීය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා. 92 හැවිරිදි වියේ පසුවන කරුණානිධි ශ්වසන අපහසුතාවක් හේතුවෙන්
මීට දින කිහිපයකට පෙර රෝහල් ගත කෙරුනා. ඉන්දීය ආරංචිමාර්ග පවසන්නේ ඔහු ඉන්දියාවේ ඇපලෝ රෝහලට ඇතුලත් කිරීමට ඇති බිය හේතුවෙන් වෙනත් පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි.
මේ අතර කරුණානිධිගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා. පසුගිය සිකුරාදා කරුණානිධි ශල්‍යකර්මයකට ද ලක්කර තිබුනා. ජයලලිතා ජයරාම් මියයනවිටත් කරුණානිධිපති රෝහල් ගත කර සිටි අතර ඔහුගේ පුත් ස්ටර්ලින් ජයලලිතාගේ අවමංගල්‍ය උත්සවයට පැමිණ සිටියා.
Monday, December 19, 2016
කරුණානිධිටත් අසාධ්‍යයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment