තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩි තැබීමකින් මරුට - වෙඩික්කරු අල්ලාහ් සිහිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩි තැබීමකින් මරුට - වෙඩික්කරු අල්ලාහ් සිහිකරයි


තුර්කියේ අන්කාරා නගරයේ ඡායාරූප ගැලරියක ප්‍රදර්ශනයක් නරඹමින් සිටි රුසියානු තානාපති අන්ද්‍රෙයි කර්ලෝව් එයට පැමිණි සන්නද්ධ ආගන්තුකයෙකුගේ වෙඩි තැබීමකින් මරුමුවට පත්ව තිබේ. හොඳින් හැඳ
පැළඳගත් තරුණයෙකු තානාපති අන්ද්‍රෙයි කර්ලෝව් අසලට පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.


මින් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුද තුවාල ලබා තිබේ. පසුව පොලීසිය පැමිණ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තානාපතිවරයා ඇදවැටුණ පසු වෙඩික්කරු 'අල්ලාහු අක්බර්' (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑමෝර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

'අමතක කරන්න එපා ඇලෙප්පෝ... අමතක කරන්න එපා සිරියාව... දෙවියන් ශ්‍රේෂ්ඨයි... දෙවියන් ශ්‍රේෂ්ඨයි...' යනුවෙන්ද ඔහු පවසා ඇත. (ඉහත ඡායාරූපයේ සිටින්නේ වෙඩික්කරුය) සිරියාවේ සිදුවන රුසියානු හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව තුර්කියේ උද්ඝෝෂණයක් සිදුවී දිනකට පසු මෙය සිදුව ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad