තැපෑල ඇණ හිටී - මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

තැපෑල ඇණ හිටී - මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක්

තැපෑල ඇණ හිටී - මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක්
ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය අද (19) රාත්‍රී 12.00 සිට සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
 
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සම කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ සංකේත වැඩවර්ජනය පැය 48ක කාලයක් පුරා ක්‍රියාත්මක වන බවයි.
 
"අද සිට අනිද්දා (21 දා) මධ්‍යම රාත්‍රිය දක්‌වා පැය 48 ක්‌ වැඩවර්ජනය සිදුකරනවා. වර්ජනයත් සමඟ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය සහ රටපුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවල සේවයෙන් අපි ඉවත් වෙනවා. දුම්රිය මගින් තැපැල් මලු ප්‍රවාහන කටයුතුවලිනුත්, ගුවන් තැපෑල හා බණ්‌ඩාරනායක ගුවන් තොටුපළට ලැබෙන තැපැල් මලු කොළඹට රැගෙන ඒම සහ නැවත කොළඹ සිට කටුනායකට රැගෙන යැමෙන්ද ඉවත් වෙනවා. තැපැල් කණුවල ඇති ලිපි එකතු කිරීමත් නතර කරනවා. ඒ අනුව මුළු තැපෑලම අකර්මණ්‍ය වෙයි." යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad