වතුර බොන්නේ බලාගෙනයි: හැටන් ඔයේ කුණු වතුර  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

වතුර බොන්නේ බලාගෙනයි: හැටන් ඔයේ කුණු වතුර 

වතුර බොන්නේ බලාගෙනයි: හැටන් ඔයේ කුණු වතුර 

හැටන් - දික්ඔය නගර සභා සීමාව තුල කුකුල් ගොවිපළවල් පවත්වාගෙන යන ගොවිපල් හිමියන් හැටන් සහ දික්ඔය නගරවල කුකුල් මස් සිල්ලරට අලෙවි කරන වෙළදසැල් හිමියන් විසින් ඉවතලන කුකුල් මස් අපද්‍රව්‍ය රාති‍්‍ර කාලයේ දී ඉතා සුක්‍ෂම ලෙස මලූවල බහා හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ  කුඩාගම ප‍්‍රදේශය හරහා මහවැලි ගඟට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින හැටන් ඔයට මුදාහැරිම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. 

දිනපතා කුකුල් පිහාටු ඇතුලූ අපද්‍රව්‍ය ඇළට මුදාහැරිම නිසා දැඩි දුගන්ධයක්ද හමන බව ප‍්‍රදේශවාසින් පවසති. 

එම ඇළට මායිම්ව හැටන් - දික්ඔය නගර සභා සිමාවේ එකතුවන කැළි කසල බැහැර කරන ස්ථානය තිබුණත් එම ස්ථානයට එම කුකුල් අපද්‍රව්‍ය මුදානොහැර රාති‍්‍ර කාලයේ ලොරි රථවලින් මෙම අපද්‍රව්‍ය ගෙනවිත් ඇළ මාර්ගයට දමන බව ප‍්‍රදේශවාසින් පෙන්වා දෙයි.

හැටන් ඔයේ ජලය මහවැලි ගඟට එකතුවන ස්ථානය තෙක් හැටන් ගිනිගත්හේන, නාවලපිටිය යන ප‍්‍රදේශවල ජනතාව දිනපතා හැටන් ඔයේ ජලය ජල සම්පාදන මණ්ඩලය හරහා පානිය ජලය වශයෙන් ද භාවිතා කරන අතර හැටන් ඔය ගලා බසින ගඟ දෙපස පදිංචිකරුවන් ඇතුලූ වතු කම්කරුවන් දිනපතා එහි ජලය දෛනික කටයුතු වලට පරිහරනය කරනු ලබන බව අප වාර්තාකරු පැවසී ය. 

හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගින් මෙන්ම එම මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන්ද පවත්නා පරිසර විනාශය වෙනුවෙන් දැඩි අසිරුතාවයට පත්ව තිබේ. 

කෙසේ වෙතත් ප‍්‍රදේශවාසින් පවසන්නේ මෙම පරිසර විනාශය නතර කිරිමට අදාල බලධාරින් කඩිනමි පියවර ගතයුතු බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

No comments:

Post a Comment

Post Bottom Ad