බුද්දිනීගේ ප‍්‍රහාරයෙන් ආණ්ඩුවේ මන්ත‍්‍රී හද්දා අසරණ වෙයි.. [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

බුද්දිනීගේ ප‍්‍රහාරයෙන් ආණ්ඩුවේ මන්ත‍්‍රී හද්දා අසරණ වෙයි.. [VIDEO]

ස්වර්ණවාහිනියේ ඊයේ පැවති ‘මහජන සේවය පමණයි’ සංවාදය සඳහා පැමිණ සිටියේ එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතායි.

වැඩසටහන මෙහෙයවූ බුද්ධිනී මුළු කාලය පුරාම ඉතා පහසුවෙන් ප‍්‍රශ්න තර්ක නැගුවත් මන්ත‍්‍රීවරයා ඉතා අපහසුවෙන් පටලවා ගනිමින් අතිශය දුර්වල තර්ක ගෙන දක්වමින් පිළිතුරු දෙනු දක්නට ලැබින.

එක් අවස්ථාවක ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීම ගැන වූ සංවාදයේදී බුද්දිනි කියා සිටියේ කොරම් පාඩු ලැබුවත් තමන් එය කරගෙන යන බවයි. එය විකුණන්නේ මක් නිසාදැයි පෙන්වා දෙන්නට මන්ත‍්‍රිවරයා සමත් වූයේ නැත.

වරායේ ඥානීත් තනතුරුවලට පත් කර ඇත්තේ මන්දැයි විමසූ විට මන්ත‍්‍රිවරයා ඊටද දුන්නේ අමුතුම පිලිතුරකි. මාධ්‍ය නිදහස ගලැන වූ සංවාදයකදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ අද තරම් වෙන කිසිදාක මාධ්‍ය නිදහස නොතිබූ බවයි. බුද්දිනී සැනින් අසුවේ ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස යුගවලදීත් මාධ්‍ය නිදහස් නොතිබුනේද කියායි. ‘අනේ මං ඒ වෙනකොට ඉපදිලාවත් නෑනේ’ මන්ත‍්‍රීවරයා ඇගට නොදැනී කීය.

මුළු වැඩසටහන පුරාම එවන් අවස්ථා බහුල විය.



No comments:

Post a Comment

Post Bottom Ad