විපක්‍ෂ මන්ත‍්‍රී කෝටි හතරක සුපිරි රියක් ගෙන්වයි.. රේගු බද්ද 1750යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

විපක්‍ෂ මන්ත‍්‍රී කෝටි හතරක සුපිරි රියක් ගෙන්වයි.. රේගු බද්ද 1750යි..

බදු සහන වාහන බලපත් යටතේ මුලින්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විසින් ගෙන්වන ලද කෝටි හතරක් පමණ වටිනා මෝටර් රථයක් වෙනුවෙන් රේගුව විසින් බදු ලෙස අයකර ඇත්තේ රුපියල් 1750ක මුදලක් පමණක් බව රේගු වෘත්තිය සමිති කියයි.

සන්ධානයේ විපක්‍ෂ මන්ත‍්‍රීවරයකු විසින් ගෙන්වා ඇති මෙම වාහනය අපේ‍්‍රල් මස 16දා කොළඹ වරායෙන් ගොඩබා ඇති අතර දින දෙකකට පෙර රේගුවෙන් නිදහස් කර ගෙන ඇත.

සෙසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ඉහල වටිනාකම් සහිත වාහන ගෙන්වා ඇති අතර ඔවුනටද බදු ලෙෂ අයකෙරෙන්නේ 1750ක මුදලක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad