තනි අතින් Type කරන්න අලුත් App එකක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

තනි අතින් Type කරන්න අලුත් App එකක් (VIDEO)

තනි අතින් භාවිතා කළ හැකි වේගවත් ජංගම දුරකතන යතුරු පුවරුවක් 'one-handed keyboard' නමින් Microsoft සමාගම විසින් නිපදවා තිබේ.

කිසිදු ගාස්තු අය කිරීමකින් තොර ව ඩවුන්ලෝඩ් කර ගත හැකි මෙම ඇප් එක App Store තුළින් ලබා ගත හැකි ය. පෙනුමින් ආරක්කුවක හැඩයට සමාන එම කීබෝඩ් එක අවශ්‍ය නම් සම්මත කීබෝඩ් එකේ පෙනුමට ද හරවා ගත හැකි වේ.

iPhone එක ප්‍රමාණයෙන් විශාලවීමත් සමගම එය භාවිත කළ බොහෝ අයට ටයිප් කිරීම අභියෝගයක් විය. එහෙත් මෙම නව නිදහස් තනි අතින් ක්‍රියා කරවිය හැකි කීබෝඩ් එක හේතුවෙන් ඇපල් හිමිකරුවන්ටත් එය අනගි අවස්ථාවකි.

මෙම යෙදවුම Microsoft සමාගම විසින් නිපදවූවක්වන නමුත් එම  සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන Windows ජංගම දුරකතන සඳහා මෙය හඳුන්වා දී නොමැතිවීමත් මෙම යෙදවුම ක්‍රියාත්මකවන්නේ Apple iPhone ජංගම දුරකතනවල පමණක්වීමත් යන කාරණා හේතුවෙන් one-handed keyboard යෙදවුම බොහෝ සෙයින් කතාබහට ලක් වෙමින් පවතී.

ඊට අදාල වීඩියෝවක් පහතින්, 


 

No comments:

Post a Comment

Post Bottom Ad