ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂෂෑන් මනෝහාර් මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීම ලිපියක් මගින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම ඔහු විසින් දරනු ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය නියෝජිත තනතුරෙන් ද ඉවත් ව තිබේ. එලෙස ඉල්ලා අස්වීමට පැහැදිලි හේතුවක් දක්වා නොමැති වුව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්වීමට ඔහු එලෙස එම තනතුරෙන් ඉවත් ව ඇති බවට වාර්තා වේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ජග්මෝහන් ඩාල්මියා මියයාමෙන් අනතුරු ව ඔහු එම තනතුරට පත් වූයේ 2015 වසරේ දී ය. ඒ අනුව බී.සී.සීයේ සභාපති ධූරය කෙටි කාලයක් තුළ දරනු ලැබූ පුද්ගලයා බවට ඔහු පත් වේ.
Thursday, May 12, 2016
ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වෙයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment