මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබීය.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙස නියෝග කළාය. සෑම මසකම අවසන් ඉරිදා දින උදේ 09ත් 12ත් අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි.
පසුව බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඇප මත නිදහස් වීමෙන් අනතුරුව හිතවතෙකුගේ නිවසට ගොස් සුහද සාකච්ඡාවක නිරත වී තිබේ. එම හමුවට හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, හිටපු පලාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා යන මහත්වරු ඇතුළු හිතවතුන් පිරිසක් එක්ව සිටියහ.
බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර පසුව මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Thursday, May 12, 2016
ඇප ලැබීමෙන් පසු බැසිල් ගිය තැන මෙන්න (PHOTOS)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment