සීඅයිඩිය සජින්ගේ නිවස සෝදිසි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

සීඅයිඩිය සජින්ගේ නිවස සෝදිසි කරයි

සීඅයිඩිය සජින්ගේ නිවස සෝදිසි කරයි
බොරැල්ල කොටා පාරේ පිහිටි සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවස අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෝදිසි කර තිබේ.

නිවසේ තිබූ ලියකියවිලි සහ පරිගණක කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිය දී වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ නිසි පරිදි ජනාධිපති කාර්යාලයට ලබා නොදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුව ඉකුත් 11 වැනි දා කැඳවනු ලැබී ය.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉදිරියේ දී ය. එම නඩුවට අදාළ ලේඛන මෙතෙක් තමන් වෙත පාර්ලිමේන්තුවෙන් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නඩු විභාගය සිදු කිරීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසට සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව අදාළ නඩුව සැප්තැම්බර් මස 15 වැනි දිනට කල් තබනු ලැබී ය.

No comments:

Post a Comment

Post Bottom Ad