'මම බල්ලෝ මරන්නෙ නෑ' - ඇමති ෆයිසර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

'මම බල්ලෝ මරන්නෙ නෑ' - ඇමති ෆයිසර්

'මම බල්ලෝ මරන්නෙ නෑ' - ඇමති ෆයිසර්
තමාට සුනඛයින් මැරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, තමා සතුන්ට ආදරය කරන අයෙක් බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ අද (12) කොළඹදී පළාත් පාලන විෂය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගීවෙමිනි.

රටපුරා අයාලේ යන සුනඛයින් සම්බන්ධයෙන් සති 3ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි කැබිනෙට්ටුව තමාගෙන් කළ ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා එය ආරම්භ කිරීමෙන් පසු ෆයිසර් බල්ලෝ මරන්න හදනවා යැයි කතාවක් ගිය බවත්, එහෙත් තමන් එම සතුන් නොමරන බවත්, අයාලේ යන සුනඛයින් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

එ් සම්බන්ධව වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා සතිපොළ හා රෝහල් ආශ්‍රිතව සුනඛයින් වැඩිවශයෙන් ගැවසෙන බව ද එම සතුන් සම්බන්ධයෙන් සියලු දෙනාගේ අදහස් විමසා සුදුසු ක්‍රියාමර්ගයක් ගන්නා බවද කියාසිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad