විශේෂ මාධ්‍ය හමුවේදී කුසල් ජනිත් කී කතාව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

විශේෂ මාධ්‍ය හමුවේදී කුසල් ජනිත් කී කතාව මෙන්න (VIDEO)

තහනම් උත්තේජක ගත් බවට චෝදනා කරමින් තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලාංකීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතා එම චෝදනාවලින් නිදහස් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11) ප්‍රකාශයට පත් කළ අතර ඒ සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කොට තිබුණි.

තමාට වරද පිළිගන්නා ලෙස ඇතැම් පාර්ශව විසින් කියා සිටි බවත් එසේ වරද පිළිගතහොත් දඬුවම ලිහිල් වෙතැයි ඔවුන් පැවසූ බවත් එනමුදු අවුරුදු 04ක තරග තහනමක් පැනවුව ද තමන් නොකළ වරදක් පිළිගැනීමට තමාට නොහැකි බවත් එම මාධ්‍ය හමුවට එක් වූ කුසල් ජනිත් පෙරේරා මහතා සඳහන් කොට සිටියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලාංකීය මාධ්‍ය සහ තමාට ආදරය කරන සිය ක්‍රීඩා ලෝලීන් තමාව විශ්වාස කළ නිසා තමාගේ කීර්ති නාමයට මෙම සිදුවීම හරහා කැළැලක් සිදු වන්නට ඇතැයි තමා විශ්වාස නොකරන බව ද පෙරේරා මහතා පැවසුවේ ය. මෙම පුවත ඇසීමෙන් තමා බෙහෙවින්ම සතුටට පත්ව සිටින බවත් හෙට සිට පුහුණුවීම් කටයුතුවල නිරත විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad