වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට සැරසෙයි - අවසර අවශ්‍ය නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට සැරසෙයි - අවසර අවශ්‍ය නෑ

යුද්ධයෙන් මියගිය පුද්ගලයින් සැමරීමේ සැමරුම් උත්සවයක් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පැවැත්වීමට සැළසුම් කර ඇති බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (11) යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මෙම සැමරුම් උත්සවය යුද්ධය අවසන් වී වසර 07ක් ගතවීම නිමිති කොටගෙන උතුරු පලාත් සභාවේ මැති ඇමතිවරුන්ගේ සහ සාමාන්‍ය වැසියන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට සංවිධානය කොට ඇත.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියාසිටියේ මෙම සැමරුම් උත්සවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් 08 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවත් ඊට උතුරු පලාත් සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවත් මෙම මස 12 වනදා සිට 18 වනදා දක්වා උතුරු පලාත තුළ යුද්ධයෙන් මියගිය අය වෙනුවෙන් ශෝක සතියක් ප්‍රකාශ කොට ඇති බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෙම සැමරුමට කිසිවෙකුගෙන්වත් අවසරයක් හෝ අනුමැතියක් ලබා ගැනීමට අනවශ්‍ය බවද යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීම ජනතාවගේ අයිතියක් බවද කියාසිටියේ ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad