තිරප්පනය, සෙලස්තිමඩුව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වු හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළෙකු වු එස්.එෆ් බංඩා සහ අනෙක් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කාන්තාවන් දෙදෙනෙක් පිළිබඳව තොරතුරු රැස්කර තිබෙනවා.
මෙම කල්ලියේ සියළු සිද්ධින් සඳහා තරුණ රූමත් කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වී ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මේ අතර එස්.එෆ් බංඩා නම් වන පුද්ගලයා මෙහෙය වූ කල්ලියේ අපරාධ රැසකට සම්බන්ධ සාමාජිකයන් සිව් දෙනෙකු පසුගියදා රාත්‍රී අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්න අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඝාතනයට ලක්වූ පුද්ගලයා සමග එකතුවී කෝටිපති ව්‍යාපාරිකයන් බියවද්දවා කප්පම් ලබා ගැනීම්,මංකොල්ලකෑම් ,සොරකම් සිදුකිරිම් ආදිය සිදු කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර එස්.එෆ් බංඩාගේ රියදුරා ද වන බවයි පොලිසිය සඳහන් කළේ.
Thursday, May 12, 2016
Home
Unlabelled
තවත් දෙදෙනෙක් සමග කැලෑවක දී මරා දැමූ 'SF බංඩාගේ පසුපසම සිටි 'රූමතියන් දෙදෙනා මෙන්න
තවත් දෙදෙනෙක් සමග කැලෑවක දී මරා දැමූ 'SF බංඩාගේ පසුපසම සිටි 'රූමතියන් දෙදෙනා මෙන්න
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment