එක්තරා ප්‍රසිද්ධ ප්‍රචාරක ආයතනයක් මඟින් සිදු කළ නිරූපණ ශිල්පීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක දී දියණිය නිරූපිකාවක් කිරීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ ආයතන ප්‍රධානියෙකු පිළිබඳ පුවතක් ගැන පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
එහිදී අදාළ ආයතන අංශ ප්‍රධානියා ප්‍රසිද්ධ හෝටලයක නමක් සඳහන් කරමින් පවසා ඇත්තේ තමන් සමඟ අදාළ හෝටලයේ රැයක් ගත කිරීමට කැමැති නම් දියණියට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට වරම් ලබා දෙන බවයි.
කෙසේවුවද මව අංශ ප්‍රධානියාගේ යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ද කියා තිබෙනවා.
එහෙත් අංශ ප්‍රධානියා පවසා ඇත්තේ තමන්ට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවත් යම් ලෙසකින් එසේ වුවහොත් තමන් සමග යහන් ගතවූ බවට අසත්‍ය පුවත් තමන් දන්නා හඳුනන මාධ්‍ය ආයතන හරහා ප්‍රචාරය කරන බවයි. එහිදී බියට පත්වූ මව තම දියණිය ද රැගෙන වහා අදාළ ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
Saturday, May 14, 2016
දියණිය නිරූපිකාවක් කරන්න නම් අම්මට Room එකකට යන්න කතා කරලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment