හෙදියන් නිදා සිටින අතරේ දරුවෙකු බිහිකළ අම්මා කෙනෙක් ගැන ඇඹිලිපිටිය මුලික රෝහලෙන් වාර්තා වනවා. රෝහලලේ මාතෘ වාට්ටුවේ නේවාසිකව සිටි මවක් අද අලුයම ප්‍රසුත වේදනාවෙන් දරුවා බිහි කිරීමට සුදානම්වී තිබෙනවා.
එහෙත් අදාළ වාට්ටුවේ හෙදියන් සහ සාත්තු සේවිකාවන් නොමැති වීමෙන් සියලු අම්මාවරුන් අපහසුතාවයකට පත්වී ඇතැයි සදහන්. අනතුරුව අදාළ මව නේවාසික ඇඳ මතදීම දරුවා ප්‍රසූත කර තිබෙනවා.
අනෙක් අම්මාවරුන්ගේ උත්සාහයෙන් එක් සාත්තු සේවිකාවක්ද කැදවා ගෙන පැමිණ ඇයගේද සහය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප ඇඹිලිපිටිය මුලික රෝහලේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙද නිළදාරිණිය සම්බන්ධ කර ගත්තා. ඇය පැවසුවේ මෙම සිද්ධිය ගැන මෙතෙක් වාර්තා වී නොමැති බවයි. ඒ පිළිබද සොයා බැලීමක් සිදු කරන බවද ඇය සදහන් කළා.
Sunday, May 8, 2016
හෙදියන් නිදි අතරේ වේදනාවෙන් කෑගැසූ අම්මා දරුවෙකු ප්‍රසූත කරයි (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment