ඇය හසලක ප්‍රදේශයේ තරුණ කතකි. විදේශීය රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටිය දී හදිසියේම ලංකාවට පැමිණියේ තම පවුලේ සමීපතම ලේ ඥාතියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ය.
කටුනායක ගුවන්තොටුපොළින් බැස තම ගම් ප්‍රදේශය වූ හසලකට යෑමට ඇය වාහනයකින් ගුවන්තොටුපළේ සිට පිටත් ව ආවේ මහනුවර දෙසට ය. මහනුවර නගරයට ආසන්න කුඩා නගරයක වාහනය නැවැත් වූ එම තරුණ කත හදිසියේ පැමිණියේ නගරයේ ස්ථානයක තිබූ රූපලාවන්‍ය මධ්‍යස්ථානයකට ය.
ඇය රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු රූපලාවන්‍ය ශිල්පිණියට කතා කොට නංගී මට ඉක්මනට පේෂල් එකක් දාලා, හෙයාර් ස්ටයිල් එකක් කරන්නැයි පැවසුවා ය. මුදල කීය වුනත් කමක් නැහැ මගේ වැඩේ ඉක්මනට කර දෙන්නැයි ඇය රූපලාවන්‍ය ශිල්පිනියට ඇවිලිටි කළා ය. බැලූ බැල්මට විදේශීය රටක සිට පැමිණෙන කාන්තාවක් බව දැනගත් රූපලාවන්‍ය ශිල්පිණිය අක්කා ඇයි හදිසි මේක හොඳට කරන්න ඕනේ. ඔයා කොහේ ඉඳල ද ආවේ. කොහේද යන්නේ යැයි කාන්තාවගෙන් විමසුවා ය.
එවිට එම කාන්තාව පිළිතුරු දුන්නේ මෙසේ ය. මම එන්නේ අහවල් රටේ ඉඳලා. හරිම ටයඩ් නංගී. මට මළ ගෙදරක යන්න තියෙනවා. එහේට හොඳට යන්න එපායැ. ඒ නිසා හෙයාර් ස්ටයිල් එකයි පේෂල් එකයි හොඳට කරන්න. රූපලාවන්‍ය ශිල්පිනිය මවිත වුවත් ඒ පිළිබඳ තම සේවා දායිකාවට නොපෙන්වා අක්කා කාගෙ ද මළ ගෙදර යැයි කාන්තාවගෙන් විමසීමක් කළා ය.
එවිට කාන්තාව එක්වරම රූපලාවන්‍ය ශිල්පිනියට පිළිතුරු දෙමින් “නංගී මගේ තාත්තා මැරිලා ඉන්නේ එයාගෙ මළගෙදරටයි මේ යන්නෙ” යැයි පැවසුවා ය. රූපලාවන්‍ය ශිල්පිනිය පුදුමයට පත් වුවා ය. ඇය යළිත් තම සේවාදායිකාව අමතා “අනේ අක්කේ ඔයාට දුක නැද්ද.. මැරිලා ඉන්නේ ඔයාගේ තාත්තා නේදැයි විමසුවා ය.
(ලංකාදීප)
Sunday, May 8, 2016
පියාගේ මළගෙදර යන්න මේකප් දැමූ දියණියක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment