හෙට (09) පස්වරුවේ සූර්යා මත කළු තිතක් දැක ගත හැකි බව ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කෝරලගේ මහත්මිය සඳහන් කරයි.
බුධ ග්‍රහයාගේ සංක්‍රාන්තිය හේතුවෙන් එලෙස බුධ ග්‍රහයා සූර්යයා මත කළු තිතක් ලෙස දැකගත හැකි බව ඇය පෙන්වා දෙයි. එම සිදුවීම සිදුවන්නේ වසර 10කට පසුවන අතර නැවත එවැනි සිදුවීමක් දැකගත හැකිවන්නේ වසර 16 කට පසු බව ද ඇය කියා සිටී.
සූර්යයා, බුධ ග්‍රහයා සහ පෘතුවිය එක ම රේඛාවක් මතට පැමිණීම තුළින් එය දර්ශනයවන බව වාර්තා වේ. පෘතුවියට සුර්යාගෙන් ලැබෙන ආලෝකය එලෙස බුධ ග්‍රහයාගෙන් ආවරණයවීම හේතුවෙන් බුධ ග්‍රහයා කළු තිතක් ලෙස දිස්වනු ඇත.
කෙසේ වුව ද එම සිදුවීම නිරීක්ෂණය කිරීම සඳහා එක එල්ලේ සුර්යයා දෙස බැලීමෙන් වළකින ලෙස ද ඇය සඳහන් කරයි. එම සිදුවීම නිරීක්ෂණය කිරීම සඳහා හෙට පස්වරු 04.00 සිට ගාලු මුවදොර පිටියේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු යොදා තිබේ.
Sunday, May 8, 2016
හෙට සූර්යා මත කළු තිතක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment