ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා සහ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ පක්ෂ උප සභාපති රාහුල් ගාන්ධි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තහනම නොතකා පෙළපාලියකට එක්වීමේ චෝදනා මත ය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙසට ඉල්ලමින් එම දැවැන්ත පෙළපාලිය සංවිධාන කර තිබේ. භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්තිවලට එම පිරිස දැඩි ව විරෝධය පළ කරමින් සිටින බව වාර්තා වේ.
ඉන්දීය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කරමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුව ද අනතුරු ව මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි නිදහස් කර ඇති බව ඉන්දීය පුවත් සේවා ප්‍රකාශ කරයි.
පැවති කොංග්‍රස් රජයට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා හෙළිවීමත් සමග ඔවුන් එලෙස විරෝධතා සංවිධාන කරන බව එම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කරයි.
Sunday, May 8, 2016
මන් මෝහන් සිං සහ සෝනියා ගාන්ධි අත්අඩංගුවට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment