පුංචි තිරයෙන් ජනප්‍රිය වුණු ලක්ෂිකා දැන් රිදී තිරයෙත් දකින්න ඉන්නවා.
ඒ වගේම ලක්ෂිකා ගැන පසුගිය කාලේ විවිධ කටකතත් පැතිරිලා ගියා... ලක්ෂිකා මේ දවස්වල කරන වැඩ ගැනයි එයාගේ විස්තරයි රටේ ගොසිප් අපි අහලා බැලුවා.
ලක්ෂිකා රංගන ක්ෂේත්‍රයට ආවේ කොහොමද... ?
සුපිරි අන්දරේ කියන චිත්‍රපටයෙන්...
මේ දවස්වල මොනවද කරන වැඩ කටයුතු..?
ටෙලි නාට්‍ය දෙකකත්, අලුත් චිත්‍රපටයකත් වඩ පටන් ගත්තා...
රඟපාන්නේ රස්සාවක් විදිහටද නැත්නම් කැමැත්තටද...?
රඟපාන්නේ රස්සාව විදිහට නෙවෙයි... කැමැත්තටත් නෙවෙයි..
ලක්ෂිකාට ඉස්සල්ලම ලැබුණේ මොනවගේ චරිතයක් රඟපාන්නද..?
ඉස්සල්ලම රඟපාන්න ලැබුණේ විහිළු චරිතයක්...
රඟපාන්න ලස්සන විතරක් තිබ්බම ඇතිද..?
මදි... රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ.. හැකියාව දක්ෂතාව, වාසනාව යන තුනම තියෙන්න ඕනේ...
ටෙලි නාට්‍යවලට වගේම ෆිල්ම්වලටත් ආරාධනා අඩුවක් නැතිව ලැබෙනවද..?
අලුත් ෆිල්ම් එකක වඩ කටයුතු කරගෙන යනවා.. ඉස්සරහට බලන්න පුළුවන්..
බොලිවුඩයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ තෝරාගන්න නළුවා කවුද..?
මම අනිවාර්යෙන්ම තෝරගන්නේ ශාරුක් ඛාන්ව තමයි..
ගොඩක් අය රඟපානවට අමතරව බිස්නසුත් එකකුත් පටන් ගන්නවනේ.. ඉතිං ඔයාට බිස්නම් එකක් පටන් ගන්න එහෙම අදහසක් නැද්ද..?
මේ දවස්වල බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කරගෙන යනවා...
රඟපානවට ගෙදරින් අකමැත්තක් එහෙම නැද්ද..?
නැහැ... ඒ අය කැමතියි...
පවුලේ විස්තර ටිකක් කිව්වොත්..?
අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි...
දැන් ඉතිං පෙම්වතෙක් එහෙමත් ඇති නේද.. ?
තාමත් නෑ.... වේකන්සි තියෙනවා.. ඕන කෙනෙකුට ඇප්ලයි කන්න පුළුවන්..
රඟපානවා කියන්නේ කටකතා ගොඩක් හදාගන්නවා වගේ වැඩක් නේද..? ඉතිං ගෑණු ළමයෙකුට මේ වැඩේ ගැලපෙනවද.?
රගපානවා කියලා කියන්නේ කටකතා හැදෙන දෙයක් තමයි..ඒත් යම්කිසි ජනප්‍රියත්වත් ඇති වුණාම ඒක සාමාන්‍ය දෙයක්.. ගමක වුණත් දෙයක් කරන මනුස්සයෙකුට කටකතා හැදෙනවනේ...
හොඳ චරිතයක් රඟපාන්නනම් අධ්‍යක්ෂවරුන්ට අල්ලස් දෙන්නත් වෙනවා නේද...?
අපෝ නෑ...
ඉදිරි බලාපොරොත්තු මොනවද...
රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න.. ව්‍යාපාරයක් පටන් ගන්න.. රැකියාවක් කරන්න.. මේ දේවල් තමයි මගේ බලාපොරොත්තු..
රංගන ක්ෂේත්‍රයේ මොනාද අමතක නොවන සිදුවීම්...
ටෙලි නාට්‍ය නිර්මාණ වේදීන්ගේ සංසදයෙන් මට ලැබුණා හොඳම නිළිය සම්මානය.. ඒක තමයි මට වටිනාම දේ...
ජීවිතේ කියන්නේ සල්ලිද....?
ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි..ජීවිතේ කොටසක් සල්ලි කියන්නේ..
Sunday, May 8, 2016
මට තාම පෙම්වතෙක් නෑ.. ඕන කෙනෙකුට අයදුම්පත් දාන්න පුළුවන් - ලක්ෂිකා ජයවර්ධන
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment