අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඇගේ ඇස අඟ“ චිත්‍රපටයෙහි නිරුවත් දර්ශනවල සිටින්නේ තමා නොවන බව එහි ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු පවසයි.
නිරුවත් දර්ශනවලට පෙනී සිටීම අභියෝගයක් නොවුණේදැයි ඇගෙන් සති අන්ත පුවත්පතක මාධ්‍යවේදියකු සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ, ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිසක් මම නෙවෙයි...˜ යැයි ඇය කියා සිටී.
කෙසේවුවද, තමාද කියා සිතා ගැනීමට නොහැකි තරමටම ඒ චරිතය තමාගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වී ඇති බවද ඇය පවසන්නී ය. එසේම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවද, එය රූගත කිරීමේ දී අපහසුතාවක් නොවුණ බවයි. රූගත කිරීම් ඉතා පරිස්සමට සැලැසුම්කර තිබූ බවද ඇය කියා සිටින්නීය.
ඇය කියා සිටින්නේ තමාගේ රංගනය දුටුවේ ද පසුගියදා තංරගනී සිනමා ශාලාවේ පැවැති ‘‘ඇගේ ඇස අඟ“ මාධ්‍ය දර්ශනය දා බවයි. මෝස්තර නිරූපිකාවක් ද වන ඈ මේවන විට එම ආශාවෙන් මිදී ඇතැයි ද කියා සිටින්නීය.
රිතිකා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ජීවිතය සැලැසුම් කළ තැනැත්තියක් නොවන බවත්, වැරදුණ තැන් බොහොමයක් ඇති බවත්, ඒ ගැන දැන් දුක් නොවන්නේ සතුටුවන්නට ඕනෑ තරම් දේ මේවන විට ඇති බැවින් යැයිද ඇය සඳහන් කර ඇත. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙන් අධ්‍යාපනය ලද රිතිකා පවුලේ වැඩිමලා වන අතර ඇයට බාල සහෝදරියක් හා සහෝදරයෙක් සිටිති.
Sunday, May 8, 2016
‘‘ඇගේ ඇස අග“ නිරුවතින් රඟපෑවේ මම නෙමෙයි - රිතිකා කොඩිතුවක්කු
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment