හැටන් අධ්‍යපන කලාප කාර්යාලය යටතේ පාලනයවන හැටන් දික්ඔය ඇන්ෆීල්ඩ් දෙමළ මහා විද්‍යාලයේ මැක්කන් විශේෂයක් බෝවීම හේතුවෙන් එම පාසල අද (05) දින නිවාඩු ලබා දී වසා දැමීමට තිරණය කළ බව එම විදුහලේ විදුහල්පති එස්.එම්. කූරූස් මහතා සඳහන් කරයි.
දින කිහිපයක සිට එම විදුහලේ මැක්කන් විශේෂයක් බෝවීම හේතුවෙන් එම පාසලේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව අප වාර්තාකරු පවසයි. ලාප අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ඇති ව ඊයේ (04) ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත එම මැක්කන් විනාශ කිරීම සඳහා කෘමි නාශක දියරයක් ඉසිම හේතුවෙන් පාසල අද (05) දින වසා දැමිමට පියවර ගත් බව එම විදුහල්පතිවරයා පැවසී ය.
හෙට (06) දිනයේ පාසල යළිත් විවෘත කරන බව විදුහල්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය. උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරන එම පාසලේ ළමුන් 700ක් පමණ අධ්‍යාපනය ලබයි. කෙසේ වුව ද එම මැක්කන් විශේෂය මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.
හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:
Post a Comment