2 වසර සිසුවිය දූෂණය කළ 10 වසර සිසුවා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

2 වසර සිසුවිය දූෂණය කළ 10 වසර සිසුවා (PHOTOS)

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් සිගරම් ගම්මානයේ දැරියක් දූෂණය කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 15හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ලබන 17වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන විනිසුරු එම්.අයි.එම්.රිස්වි මහතා නියෝග කොට තිබේ.
පසුගියදා කාත්තාන්කුඩි පොලිස් වසමේ ආරයම්පදි සිගරම් ප්‍රදේශයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන දැරියක් ඇගේ මාමා විසින් දූෂණය කළ බවත් ඔහු දැරියගේ නිවසට විටින් විට යන බවත් එම අවස්ථාවේදී එම දැරිය දූෂණයට ලක්වූ බවත් පොලීසියේ ආරම්භක පරීක්ෂණවලින් හෙළිව ඇත.
කෙසේවුවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිරිමි ළමයා පසුගිය 02වෙනි සඳුදා දින කාත්තාන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඒ සම්බන්ධව සිදුකළ විමර්ශණවලින් අනතුරුව 2016.05.17 වන දින දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසට විනිසුරුවරයා නියෝග කලේය.
ඡායාරූප පහතින්....

මඩකලපුව - ජවුෆර්කාන්

No comments:

Post a Comment

Post Bottom Ad