ගුටි කෙළියට ගිය මන්ත්‍රී දෙපලට සතියක තහනමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

ගුටි කෙළියට ගිය මන්ත්‍රී දෙපලට සතියක තහනමක් 

පාර්ලිමේන්තු සභා ගර්භයේ පෙරේදා (03) ඇති වූ ගැටුමට මැදිවූ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සතිය බැගින් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (05) පෙරවරුවේ සම්මත විය.

ඒ අනුව හෙට (06) සිට සතියකට ඔවුන්ට පාර්ලිමේන්තුව තහනම් වෙයි. අදත් ඔවුහු මැතිසබයට පැමිණ නොසිටියහ. එම ගැටුම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද අද(05) කැඳවා තිබිණි. 

සිද්ධිය පිළිබඳ සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ද නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති විසින් කථානායකවරයා වෙත ඊයේ (04) භාර දී තිබිණි. ගුටිබැට හුවමාරුව සම්බන්ධව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සහ (එජාප) ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ප්‍රසන්න රණවීර (එජනිස) යන මන්ත්‍රීවරුන්ට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගත යුතු යෑයි ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ ද්වි පුද්ගල කමිටුව කථානායකවරයාට නිර්දේශ කර ඇත.

එසේම සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ යෙදුනු මන්ත්‍රිවරුන්ටද දැඩිව අවවාද කළ යුතු බව එහි සඳහන්ව ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad