උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර එක් රාජ්‍යයක් ස්‌ථාපිත කළ යුතු බවත් ඒ සදහ උතුරේ ජනතාවගේ කැමත්ත සලකා බැලිමට කටයුතු කිරිම ප්‍රමාණවත් බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී මහතා ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපදේස් ලබාදුන් බව ඉන්දීය අප වාර්තාකාරිනී අසෝ ඛාන් අනාවරණය කළා.
දෙදින ඉන්දීය නිල සංචාරයකට එක්වු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී උතුරු හා නැගෙනහිර බලය බෙදාහැරීම සම්බන්ධයෙන් පුලුල්ව සාකච්ඡා කර ඇති අතර දෙමළ ජාතික සන්ධානය සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය තුලින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කෙරෙන ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍ය බවට කර ඇති ඉල්ලිමට ඉන්දිය රජය දෙවරක් නොසිතා එකඟ වන බවද දන්වා තිබේ.
කෙසේවෙතත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කෙරෙන ෆෙඩරල් ක‍්‍රමයක් ස්ථාපනය කිරිමට මුස්ලිම් දේශපාලන පක්ෂ දක්වන අකමැත්ත ක්‍රමිකව යටපත් කලයුතු බවත් ඉන්දිය අගමැතිවරයා පෙන්වා දි තිබේ.
දෙමළ ජනතාවට ෆෙඩරල් පාලනයක් ලබාදෙන්නේ නම් මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත්වන නැගෙනහිරට ද වෙනම මුස්ලිම් පළාතක් අවශ්‍ය යයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මිට පෙර අවධාරණය කර තිබුනා.
“උතුරු නැගෙනහිර ජීවත් වන්නේ දෙමළ ජනතාව පමණක් නොවේ.මුස්ලිම් ජනතාවත් ජීවත් වෙනවා.මේ නිසා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයට පමණක් තනි තීරණයකට එළැඹිය නොහැකි බවයි මුස්ලිම් කොංග‍්‍රසය අවධාරණය කළේ.”
ෆෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් පෙනි සිටින සී. වී. විග්නේශ්වරන් පසුගියදා යොජනාවක් ඉදිරිපත් කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර එක් රාජ්‍යයක් ස්‌ථාපිත කළ යුතු බවත් ඉතිරි පළාත් හත ඒකාබද්ධ කර තවත් රාජ්‍යයක් පිහිටුවිය යුතු බවත් නැගෙනහිර මුස්‌ලිම් බහුතරය සඳහා ප්‍රාන්ත කලාපයක්‌ද (Autonomous Region) ඊට සමගාමී වී වතුකරය සඳහා ද එවැනිම කලාපයක් ආරම්භ කළ යුතු බවත් උතුරු නැගෙනහිරට වෙනම පාර්ලිමේන්තුවක් ද උතුරු නැගෙනහිර සියලුම පරිපාලන කටයුතු ද්‍රවිඩ භාෂාවෙන් සිදු කළ යුතු බවත් ප්‍රාන්ත ආණ්‌ඩුවලට පොලිස් බලතල ද ලබාදීමටද ක්‍රියා කළ යුතු අතර ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කළ යුතු බවටත් යොජනාවක් බ්‍රිතාන්‍යය,ඉන්දියාව් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන රැසකට ලබාදි තිබේ.
Sunday, May 15, 2016
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න මෝදිගෙන් මෛත්‍රීට නියෝගයක්!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment