බටහිර ඖෂධ නිපදවන්න ආයෝජන කලාපයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

බටහිර ඖෂධ නිපදවන්න ආයෝජන කලාපයක් 

බටහිර ඖෂධ නිපදවන්න ආයෝජන කලාපයක් 
ඉන්දීයාවේ සහයෝගය ඇති ව බටහිර ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් ලංකාව තුළ පිහිටුවීමට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් අනුව ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුවක් පසුගිය දා හයිද්‍රාබාද් නුවර දී පැවැත් විය.

ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවලින් 80% ක්ම මේ වනවිට  ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන්වන අතර මෙම ආයෝජන කලාපය පිහිටුවීම තුළින් එම බෙහෙත් ද්‍රව්‍ය රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම දෙරටේ ආර්ථික, වෙළෙඳ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද නායක දෙපළ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් ව තිබේ. දෙරට අතර ආර්ථික කලාපයක් ඇති කිරීම පිළිබඳ ද අවධානය යොමු විය.

No comments:

Post a Comment

Post Bottom Ad