උඩවලව වාන් දොරටු සියල්ල විවෘතයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

උඩවලව වාන් දොරටු සියල්ල විවෘතයි 

උඩවලව වාන් දොරටු සියල්ල විවෘතයි වැසි කාලගුණය සමග ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 05ම විවෘත කර තිබේ.

ඒවා අඩි එක හමාර බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි. වෙහෙරගල ජලාශයේ ද ජලය වාන් මට්ටමට පැමිණීම හේතුවෙන් අද (14) පස්වරුවේ අඟල් හය බැගින් වාන් දොරටු 02 ක් විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ හේතුවෙන් මැණික් ගඟේ දියනෑමේ දී අවධානයෙන් සිටින ලෙසට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad