සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්පීඩන අවපාතයක් හේතුවෙන් මැයි මස 15 සිට 18 දක්වා දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තද සුළං සහ තද වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඊයේ (13) නිවේදනය කොට තිබිණි.

ඔවුන් අද (14) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ මෙම පීඩන අවපාතය දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරමින් දිවයිනට ආසන්නව ගමන් කරන බැවින් ක්ෂණිකව වේගවත් සුළං ඇතිවනු ඇති බවයි.  

මෙම පද්ධතිය හා සබැදිව පවතින ක්‍රියාකාරී වලාකුළු හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් අහස වලාකුළින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඇතැම් ස්ථානවල, විශේෂයෙන් දිවයිනේ දකුණු සහ ගිනිකොණදිග ප්‍රදේශවලට තද වැසි (මි.මි.‍100 ට ආසන්න) ඇතිවිය හැකි බවද ඔවුන් කියාසිටී.

එවැනි අවස්ථාවල එම මුහුදු  ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාවක් පවතින බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad