අලුත් ගුරු පත්වීම් 25,000ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

අලුත් ගුරු පත්වීම් 25,000ක්

අලුත් ගුරු පත්වීම් 25,000ක්
පාසැල් නිළ ඇඳුම් දීමනාව ඉදිරියේදී වැඩි කරන බවත් ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (13) කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදීයි. මෙතෙක් ලබාදෙන රුපියල් 400යේ පාසැල් නිළ ඇඳුම් දීමනාව රුපියල් 500 දක්වා වැඩි කරන බව අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ය.

එමෙන්ම පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී ගුරුවරුන් ලෙස 25,000ක් බඳවා ගන්නා බව සඳහන්කළ අමාත්‍යවරයා ගුරු පුරප්පාඩු පවතින පාසල් පිළිබඳව සොයා බලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම බඳවා ගැනීම් සිදුකරන බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad