උතුරේ යෝජනාවට එරෙහිව බස්නාහිර පළාත් සභාවෙන් යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

උතුරේ යෝජනාවට එරෙහිව බස්නාහිර පළාත් සභාවෙන් යෝජනාවක්

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කාර්ය පටිපාටි රීති 107 යටතේ රීති අත්හිටුවීමේ යෝජනාවක් ගෙන එමින් පසුගිය අප්‍රේල් 22 වෙනිදා උතුරු පළාත් සභාව විසින් සම්මත කරනු ලැබු යෝජනාවට එරෙහිව යෝජනාවක් ඊයේ (03) බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවට පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා සංශෝධනයන් ඉදිරිපත් කළ අතර ඒ විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා බලහත්කාරයෙන් යුද හමුදා කඳවුරට ඇතුළුවීමේ සංශෝධනය ද පළාත් සභා මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා උතුරු මහ ඇමති විග්නේෂ්වරම් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි යන සංශෝධනය ද යන සංශෝධන දෙකයි.

එම සංශෝධන 02 සඳහා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද සිය එකඟතාවය පළ කර තිබේ. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද පූර්ණ එකඟතාවය ලැබී ඇති අතර එම විවාදයට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ද බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා ද විපක්ෂ නායක ජෝර්ජ් පෙරේරා මහතා ද ඇතුළු බොහෝ මන්ත්‍රීවරු රැසක් සහභාගී වී තිබේ.

එම යෝජනාව සම්බන්ධයෙන් පැවති දීර්ඝ විවාදයෙන් අනතුරුව බස්නාහිර පළාත් සභාවේ සෙංකෝලය ඉදිරිපිටට පැමිණි විපක්ෂ නායකතුමා, ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරල මහත්මිය, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි, නීතිඥ අරුණ දීපාල් මන්ත්‍රීතුමා, ගුණසිරි ජයනාත් මන්ත්‍රීතුමා, ප්‍රසන්න සංජීව මන්ත්‍රීතුමා, ජගත් අංගගේ මන්ත්‍රීතුමා, මෙරිල් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා, ගුණසිරි ජයනාත් මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස අසුන් වලින් නැගිට සභා ගැබ මැදට පැමිණ බිම වාඩිවෙමින් උතුරු පළාත් සභාව විසින් ගෙන එන ලද ෆෙඩරල් යෝජනාව වහා පරාජය කළ යුතු බව කියමින් විරෝධය දැක්වූ බව වාර්තා වේ.

එම යෝජනාව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad