ASP රුවන් ගුණසේකරට විනය පරීක්ෂණයක් - දින 03කින් ඇමති වාර්තාවක් ඉල්ලයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

ASP රුවන් ගුණසේකරට විනය පරීක්ෂණයක් - දින 03කින් ඇමති වාර්තාවක් ඉල්ලයි 

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පොලිස්පතිවරයාට ඊයේ (03) දැනුම් දී තිබේ. 

එම විනය පරීක්ෂණයේ වාර්තාව දින 03 ක් ඇතුළත නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත ලැබිය යුතු යැයි ද එම උපදෙස්වල සඳහන් වේ.

විනය පරීක්ෂණයට අදාල වාර්තාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් නිකුත්වන තෙක් සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍යට සම්බන්ධ කිසිදු රාජකාරී කටයුත්තක නොයොදවන ලෙස ද අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වගකීම් සහ කාර්ය භාර්ය අභිබවා යමින් පුවත්පත් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad