මහින්ද රාජපක්ෂ හෙට උගන්ඩාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

මහින්ද රාජපක්ෂ හෙට උගන්ඩාවට

ශ‍්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මැයි 11 වන දා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතය. 

උගන්ඩා ජනරජයෙන් මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිල ආරාධනාව ලැබී ඇත්තේ එරට ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ හයවෙනි වරට ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සදහායි. 

උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපති වරනයෙන් 61‍%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.

ව්‍යුහාත්මක ගැලපුම් ආර්ථික සංකල්ප ක‍්‍රියාවට නංවමින් උගන්ඩාවේ ආර්ථිකය සාධනීය වෙනසකට පත්කල නායකයා ලෙස සහ HIV/AIDS උවදුර තුරන් කිරීමේ ලෝක අරගලයට ඉහලම දායකත්වයක් සපයන අප‍්‍රිකානු නායකයෙකු ලෙසත් උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි ලෝක අවධානයට ලක්වුනු අයෙකි. යොවේරි කජුටා මුසෙවෙනි ජනාධිපති ටැන්සානියා ආර්ථික විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ දේශපාලන විද්‍යා පිළිබද උපාධිධරයෙකි.

පසුගිය රජය නොබැදි ජාතීන් සමග පැවැත්වූ සුහද සම්බන්ධතාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආරාධනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබී ඇත.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්


Uganda Tour of Former President Mahinda Rajapaksa

Fifth elected President of Sri Lanka Mahinda Rajapaksa is scheduled to leave for Uganda on May 11 on an official invitation received from the fifth elected President of Uganda. YoweriKaguta Museveni Rebel who helped topple Idi Amin now commencing his fifth term as the elected President of Uganda.

Hailed by Bill Clinton as one of a new generation of African leaders.Noted as an economic reformist who improved growth rates and reduced poverty in Uganda He is also noted for running one of the most successful programmes to combat the spread of HIV/AIDS, which has reached crisis proportions inAfrica.

No comments:

Post a Comment

Post Bottom Ad