'මන්ත්‍රීවරුන්ගේ වාහන පරණයි' - ඇමති එස්.බී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

'මන්ත්‍රීවරුන්ගේ වාහන පරණයි' - ඇමති එස්.බී

'මන්ත්‍රීවරුන්ගේ වාහන පරණයි' - ඇමති එස්.බී
ලබාදිය යුත්තේ සුඛෝපභෝගී වාහනද අර්ධ සුඛොපභෝගී වාහනද යන්න ගැන තමාට ඒ හැටි අව‍බෝධයක් නොමැති බවත් කෙසේවුවත් පැරණි වාහන වෙනුවට නව වාහන ලබාදීම සුදුසු බවත් ඒ සඳහා වැයවන්නේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ලබාදීම පිළිබඳව ඊයේ (09) මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වර්තමාන ආණ්ඩුව ජනතාවට සහන සලසන බව කීවද එය ඉටු නොවන බව සඳහන් කරමින් මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය අයවැයෙන් රජය විශාල ලෙස පඩි වැඩි කිරීමක් ද දිවිනැගුම සමෘද්ධි සහනාධාරය වැඩි කිරීමක් ද ඔස්සේ ජනතාවට සහන ඇතිකළ අතර මේ වනවිට රටට විශාල වශයෙන් ණය ගෙවීමට ඇති නිසා ඒවා පියවා ගැනීමට කිසියම් ලෙසකට බදු හරහා ප්‍රධාන වශයෙන් මුදල් උපයා ගැනීමට සිදුවන බවත් ය.

රජයක් වූ විට විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා මේ වනවිට චීනය ඇතුළු ආසියාතික රටවල් මුහුණපාමින් සිටින තාවකාලික ආර්ථික අර්බුදයන්ට ශ්‍රී ලංකාව ද මුහුණ දෙමින් සිටින බවත් ඒවා ඉක්මනින්ම විසදෙනු ඇති බවත් වැඩිදුරටත් කියාසිටියේ ය.

මහනුවර - කමල් සුරවීර

No comments:

Post a Comment

Post Bottom Ad