ඒ අනුව සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ලගදිම ඇප ලැබිමට නියමිතය බවයි අප වාර්තාකරු සදහන් කළේ. කොටහළු උත්සවය පැවැති අවස්ථාවේ එම් ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා “අඩෝ…අපිට බොන්න අරක්කු දිපන්…හුත්තෝ” යනුවෙන් කෑ ගස තිබේ.”
පසු ඝාතනයට ලක්වු අදාළ තරුණයා මහත්තයෝ…අරක්කු නෑ යනුවෙන් පවසා ඇති අතර ..ඒ සමගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුනුහරූප වැලක් කියමින් අදාළ තරුණයාට පහරදි ඇති අතර පසුව ඔහුව ඔසවා විදුරුව කඩාගෙන යන අයුරින් එලියට විසිකර තිබේන අතර එය ඇසින්දුටු සාක්ෂි හරහාද තහවුරු වි තිබුනා.
ඇඹිලිපිටිය නව නගරයේ සාදයකදී පොලීසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ (29) මරණයට හේතුව අධික රුධිර වහනය බව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේ දැක්වෙතියි විත්තියේ නීතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා අද (10) ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ පැවසුවේය.
වම් ඉහළ බාහුවේ ප්‍රධාන ධමනිය වැලමිට අසලදී දකුණු ඉහළ බාහුවේ ප්‍රධාන ශිරාවක් කිහිල්ලෙන් කැපීම ඇතුළු කැපුම් තුවාල රාශියක් නිසා සිදුවූ ලේ ගැලීම හා කම්පනයෙන් මරණය සිදුවී ඇතැයි ද, මෙම තුවාල සිදුවී ඇත්තේ සුමිත් වීදුරු දොර දෙක මත ඇද වැටීමේදී බිඳුණු වීදුරු කටුවලින් විය හැකි බව ද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්, දොස්තර උත්පලා ආටිගල හා දොස්තර අසේල මෙන්ඩිස් යන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිගමනය කළහ.
පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ විස්තර කරන ලද සමහර තුවාල දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෘත දේහයේ දක්නට නොලැබීමට හේතුව මෘත ශරීරයේ සමහර ස්ථාන කුණුවී තිබීම විය හැකි බව කියන වෛද්‍යවරු පළවැනි මරණ පරීක්ෂණයේ සඳහන් තුවාල පෙර ගන්නා ලද ඡායාරූපවල පැහැදිලිව හඳුනා ගත හැකි බව ද කියති.
‘‘මරණය සිදුවූ ස්ථානයේ සලකුණු සාක්කි අනුව මරණකරු මරණීය තුවාල ලැබූ පසු ලේ ගලමින් දෙවැනි මහලේ අනාරක්ෂිත බැල්කනිය හරහා ගොස් අඩක් නිමකළ කොන්ක්‍රීට් ස්ලැබ් අතුරා තිබූ පොළවේ යකඩ කූරු අල්ලාගෙන පළමු තට්ටුවට බැස ඇති බවට නිගමනය කළ හැකියි.
ඉන්පසු ඔහු ප්‍රථම මහලේ කොන්ක්‍රීට් තට්ටුව මතින් එම ගොඩනැගිල්ලට වම් පසින් ඇති හිස් ඉඩම දෙසට ගමන් කර පසුව එම කොන්ක්‍රීට් පොළව හරහා අනෙක් පසට ගමන් කර පිටුපසට ගොස් එහි තිබූ තාවකාලික මඩුවේ දකුණු පිටුපස කොනෙහි වූ යකඩ පොල්ලක් හා තහඩුවක් අල්ලාගෙන සිටි බවට අධිකරණ සාක්කි ඇත. ඉන්පසු මරණකරු එම ස්ථානයේ අඩි 12.5 පහළින් ඇති පොළව මතට ‘ඉහළ සිට වැටීමක්‘ සිදුවී ඇත.
කෙසේ නමුත් මෙම ඉහළ සිට වැටීම නිසා මරණය සිදුවීමට හෝ මරණයට ආධාර විය හැකි සැලකිය යුතු තුවාල සිරුරේ දක්නට නැත. එවැනි සැලකිය යුතු තුවාල නොතිබීම නිසා මරණකරු සිරස් අතට පාද බිම වදින සේ බිමට පතිත වීමට අවස්ථාවක් ඇති බවට මතයක් පළ කළ හැකියි.
‘‘සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප අයදුම් පත‍්‍රය සම්බන්ධ වැඩිදුර විභාගය ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ නීතීඥවරයා මේ බව පැවසුවේය.
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ පේ‍්‍රමරත්න මහතා පැවසුවේ පෙත්සමෙන් ඇප ඉල්ලා සිටින සැකකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මරණකරුගේ බිරිඳ වු ශෂිකා නිශාමනි මුණසිංහ යන අය දුන් සාක්කියක් මත බවද සඳහන් කළේය.
ඒඑස්පී මහත්තයා තම සැමියාට පොලූ වලින් ගසමින් ගේ මැද්දෙන් ඇදගෙන ගිය බවට ඇය සාක්කි දී පවසා සිටියාය. එසේම දෙවන තට්ටුවේ දී ඒඑස්පී මහත්තයාගේ මුහුණ දිහා බලාගෙන සිටි මියගිය තැනැත්තා තල්ලූ කරන්න එපායැයි කී බවත් ඒ අවස්ථාවේ ඒඑස්පී මහතා විසින් ඇගේ සැමියා තල්ලූ කළ බව එම සාක්කියෙන් කියා ඇති බවද නීතීඥ පේ‍්‍රමරත්න මහතා මහාධිකරණ විනිසුරුවරියගේ අවධානයට යොමු කළාය.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, වෛද්‍ය උත්පල ආටිගල සහ වෛද්‍ය අසේල මෙන්ඩිස් යන වෛද්‍යවරු සමඟ පැවැත්වූ දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී ද, සාක්කිකාරිය කියන ආකාරයේ පහරදීමක තුවාල ඇති බවක් සඳහන්ව නැති බව කීවේය.
එසේම සිරුරේ ඇති තුවාල කැපුම් තුවාල බවත් වීදුරුවක් අතරින් යාමට තැත් කිරිමකදි එවැනි තියුණු කැපීම් තුවාල සිදුවිය හැකි බවත් එම වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බවද නීතීඥවරයා කීවේය.
එමෙන්ම මියගිය තැනැත්තාගේ බිරිඳ පවසන ආකාරයට සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඇගේ සැමියා තල්ලූ කළේ නම් බිමට වැටිය යුත්තේ උඩුබැලි අතට බව කී නීතීඥවරයා නමුත් මරණකරු වැටී ඇත්තේ මුණින් අතට බව එම දෙවන පශ්චාත් මරණ පරික්‍ෂණයෙන් ද කියැවෙන බව අධිකරණයට දැන්වීය.
සැකකරුගේ අත්වල, බාහුවේ ආදී සෑම තැනකම විශාල කැපීම් තුවාල විශාල සංඛ්‍යාවකින් ගලාගිය අධික රුධිර වහනය මරණයට හේතුව බව දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් ද තහවුරු කර ඇති නිසා සැකකරුට ඇප නියම කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද නීතීඥවරයා පෙත්සම්කරු වෙනුවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
මේ මස 18 වැනි දා වන විට එහි සියලූ විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් රහස් පොලිසියට නියෝගයක් කර ඇති බව කී රජයේ නීතීඥවරිය එදින වනවිට විමර්ශන අවසන්වනු ඇති බව කීවාය.
මෙම සිද්ධියට මාස පහක් ඉකුත්ව ඇති බව පැවසු පෙත්සම්කරුගේ නීතීඥ පේ‍්‍රමරත්න මහතා සැකකරු මාස හතරකට වැඩි කාලයක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසුවන බව ද පැවසුවේය.මේ ඉල්ලීම සම්බන්‍ධයෙන් විමසීම මේ මස 25 දින දක්වා කල් තැබිණි.
උපුටා ගැනීම : Lankanewsweb.today

No comments:
Post a Comment