මානවඩුගේ,වරප්‍රසාදයන් ඔනෑ නම් ස්වාභාවික මරණයක් ලෙස පිළිගන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

මානවඩුගේ,වරප්‍රසාදයන් ඔනෑ නම් ස්වාභාවික මරණයක් ලෙස පිළිගන්න

පරාලයක් හිසට වැදී මියගිය බවට ලබාදුන් මරණ සහතිකය පිලිගන්නා ලෙසත් මරණය සම්බන්ධයෙන් වෙනත් කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු නොකරන්නේ නම් මේජර් ජනරාල්වරයාට ලැබෙන වරප්‍රසාදයන් අහිමි විය හැකි බවට පසුගියදා රහසිගත හදිසි අනතුරකින් මියගිය මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ බිරිඳට හමුදා මුලස්ථානය හරහා බලපෑම් කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මරණය ඝාතනයක්! බවට ඔහුගේ අනතුර සිදුවි පැය ගණනක් යන්නට මත්තෙන් අප කල අනාවරණයන් සමාජයේ කතාබහට ලක්විමත් සමග මෙම කුමන්තරණයට සම්බන්ධ කණ්ඩායම් ඉතා සුක්ෂම අයුරින් එම කතාබහ මර්දණය කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුවමරණයට හේතු දක්වමින් මරණ සහතිකය නිකුත් කර තිබුනද මරණය සම්බන්ධයෙන් නිසි හා වගකිමෙන් යුතු පරික්ෂණයක් සිදු කිරිමට කටයුතු කර නැති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ. නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතු බැලිමට ගිය අවස්ථාවේ සිදුවු රහසිගත අනතුරකින් දැඩි ලෙස තුවාල ලබා සැත්කම් කිහිපයකටද භාජනය කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා අද (6) පෙරවරුවේ මිය ගොස් තිබේ.

අදාළ අනතුර වාර්තා වු අවස්ථාවේ අප විශේෂ වාර්තාකරුවන් කිහිප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

Read More මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මරණය ඝාතනයක්!

උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad