සුදුවැන්,පාතාලය සමග පුජිත් මර්දණය අරඹයි- හමුදා බුද්ධි අංශ වලටත් බලපෑම් යනුවෙන් අප කල අනාවරණය සත්‍ය කරමින් යහපාලන ගෙන එමට අසත්‍ය වපුරමින් ජනතාව නොමග යැවු නිදහසේ වේදිකාව සහ විදියේ විරෝධය නැමති රනිල්ගේ NGO නඩය හෙට(මැයි 10) රටපුරාම පෙත්සම බාර දීම හා විරෝධතාවය යෙදිමට තිරණය කර තිබේ.
අම්පාර හා ති‍්‍රකුණාමලය දී ඇති වූ සිද්ධි සමග පසුගිය දින කිහිපය තුළ සුදු වෑන් භීතිකාව නැවතත් හිස ඔසවන බවක් පෙනෙන්නට ඇති බවද එම සංවිධාන නිකුත් කල නිවේදනයේ දක්වා තිබේ.
ජාතික සමගිය හා සංහිදියා ගොඩනැගීමේ කි‍්‍රයාවලියට සෘජු ලෙස බලපාන නැවත ගොඩනැගෙමින් පවතින සුදු වෑන් සංස්කෘතයට විරෝධය දැක්වීමත්, එය වහා නතර කරන ලෙසත් ඉල්ලා මෙම සිද්ධීන්ට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව වහා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට බල කරමින් හෙට දින (මැයි 10) ජනාධිපති , අගමැති , විදේශ ඇමති, ජාතික සංහිදියාව පිළිබද අමාත්‍ය, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සංදේශයක් භාරදීමට ඔහුන් තිරණය කර තිබේ.
උදේ 9.30 ජාතික සංහිදියාව පිළිබද අමාත්‍යංශය, බුත්ගමු පාර, රාජගිරිය – පෙත්සම භාරදීම හා උද්ඝෝෂණය
උදේ 10.15 යුරෝපිය සංගම් මුලස්ථානය – පෙත්සම භාර දීම පමණයි.
උදේ 10.45 – එක්සත් ජාතින්ගේ මුලස්ථානය ඉදිරිපිට, තුන්මුල්ල හන්දිය අසල – පෙත්සම භාරදීම හා උද්ඝෝෂණය
උදේ 11.30 අගමැති කාර්්‍යාලය, මල් පාර, කොළඹ – පෙත්සම භාරදීම හා උද්ඝෝෂණය
දහවල් 1.00 විදේශ කටයුතු අමාත්‍යංශය හා ඕනුර් කාර්්‍යාලය (චන්දි‍්‍රකා කුමාරතුංග මැතිණියගේ කාර්යාලය)
සවස 2.30 ජනාධිපති ලේකම් කාර්්‍යාලය, කොළඹ – පෙත්සම භාරදීම හා උද්ඝොෂණය
Monday, May 9, 2016
පුජිත්ගේ සුදු වෑන් භීතිකාවට එරෙහිව රනිල්ගේ ගෝලයෝ මහ පාරට
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment