නාමල් ජනාධිපති කොමිසමට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

නාමල් ජනාධිපති කොමිසමට කැඳවයි

නාමල් ජනාධිපති කොමිසමට කැඳවයි
පසුගිය රජය සමයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්‍ෂ 500 කට අධික මුදලක්‌ වැය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අද (10) ප්‍රශ්න කිරීමට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඉකුත් 2013 වර්ෂයේ සිට 2015 දක්‌වා කාලසීමාවේදී අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නාමල් රාජපක්‍ෂ මහතා රුපියල් ලක්‍ෂ 500 කට අධික මුදලක්‌ වැය කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබිණි. එහෙත් මෙම මුදල් කිසිවක්‌ ගුවන් හමුදාව වෙත ගෙවා නොමැති බව ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad