'සේරුවිලට දායකත්වය ලබාදුන්නේ නාහිමියන්ගේ ඉල්ලීමටයි' - මහමෙව්නාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

'සේරුවිලට දායකත්වය ලබාදුන්නේ නාහිමියන්ගේ ඉල්ලීමටයි' - මහමෙව්නාව

'සේරුවිලට දායකත්වය ලබාදුන්නේ නාහිමියන්ගේ ඉල්ලීමටයි' - මහමෙව්නාව (VIDEO)
නොයෙකුත් කට කථා පැතිරෙද්දී සේරුවිල පූජා ආදී පිංකම් සඳහා මහමෙව්නාවේ දායකත්වය ලබාදුන්නේ අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ ඉල්ලීම නිසා යැයි අළුදෙණියේ සුබෝධි හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසූවේ කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ය.

අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති ශ්‍රී කල්‍යාණ වංශික නිකායේ අනු නායක හිමියන්ගෙන් පසු සේරුවිල මංගල මහා විහාරයේ භාරකාරත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවට මහමෙව්නාව භාවනා අසපුව හෝ එහි නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් මහමෙව්නාව භාවනා අසපුවේ ක්‍රියාකාරකම් පිළිබඳ ද්වේශ සහගතව ඇතැමුන් ගෙන යන ප්‍රචාර සත්‍ය නොවන බව ද ඒ හිමියෝ කීහ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ගුරු හිමියන් වන අපවත්වී වදාළ සරණකිත්ති නාහිමියන් ලිඛිතව මහමෙව්නාවෙන් කළ ඉල්ලීමක් අනුව මාස 6කට වරක් සේරුවිල කටයුතු සඳහා උදව් උපකාර ලබාගැනීමට මහමෙව්නාවේ හිමිවරුන් විහාරස්ථානයට කැඳවා ඇති බවත් පෙන්වා දුන් ඒ හිමියෝ සේරුවිල භාරකාරත්වය සඳහා අර්බුදයක් පැන නැගී ඇති ගැටළුවට පාර්ශව දෙකක් මැදිවී සිටින බව මාධ්‍ය වාර්තා හා අධිකරණ තොරතුරු වලින් දැනගත හැකිවූ බව පැවසූහ.

පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් හා සංඝයාගේ අසමගිය වළක්වනු පිණිස මහමෙව්නාවේ සියලු හිමිවරු සේරුවිල විහාරස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කළ බවද සුබෝධි හිමියෝ සඳහන් කළහ. මේ අතර සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැති පසුගිය සෙනසුරාදා (07) මහාචාර්ය නිමල් විජේරත්න මහතා අවමංගල්‍ය සභාවේ කථා කරමින් සිටියදී ඇතිවූ කලබලකාරී සිද්ධියටද මහමෙව්නාවේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඒ අවස්ථාවේ පටිගත කළ වීඩියෝ දසුන් ඊට සාක්කි සපයන බවත් මහමෙව්නාව භාවනා අසපුව ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad