නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතු බැලිමට ගිය අවස්ථාවේ සිදුවු රහසිගත අනතුරකින් දැඩි ලෙස තුවාල ලබා සැත්කම් කිහිපයකටද භාජනය කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා අද (6) පෙරවරුවේ මිය ගොස් තිබේ.
අදාළ අනතුර වාර්තා වු අවස්ථාවේ අප විශේෂ වාර්තාකරුවන් කිහිප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ අප විශේෂ වාර්තාකරු සදහන් කලා.
මෙහි සැකය දෙගුණ කිරිමට ප්‍රබලම හේතුව බවට පත්ව ඇත්තේ අදාළ අනතුර සිදුවු අවස්ථාවේ එම සිමාවේ සිටි එකම සාක්ෂිකරු වන මේජර්වරයාගේ රියදුරු වන අතර ඔහුද ශබ්දය ඇසි ඒ දෙසට ගමන් කරන විටදි මේජර්වරයා බිම වැටි සිටිනු දැක ඇති බවයි දැනට අනාවාරණය වි ඇත්තේ.
පසුව රණවිරු මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා හමුදා රෝහලේ රදවාගෙන නිසි ප්‍රතිකාර නොකර හමුදා නිළධාරින් කිහිප දෙනෙකු පැමිණ මේජර්වරයාගේ තත්වය විමසා පසුව ජාතික රෝහලට ගෙන යැමට කටයුතු කර තිබේ. පහත විඩියෝව හරහාද අපගේ වාර්තාකරුවන්ගේ ප්‍රකාශයන් සත්‍ය බව තහවුරු වි තිබේ.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නොහොත් වෙල් විදානනේ පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු හමුදා නීතිය කඩකරමින් සරත් ෆොන්සේකා විසින් සිය ආරක්ෂාවට තබාගෙන සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ද මේජර් ජනරාල් සුමිත් මානවඩු විසින් වන අතර එම සිද්ධිය හේතුවෙන් දැඩි වෛරයකින් ෆොන්සේකා පසුවු බව නොරහසකි.
පසුගියදා පාර්ලිමේන්තුව තුලදිද හමුදා නිළධාරීන් සම්බන්ධයෙන් වෛරී ලෙස අදහස් පලකල ෆොන්සේකා පාර්ලිමේන්තුව හමුවේද යුධ හමුදාව හා සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයෙන් කතා කල ෆොන්සේකා අවසානයේ සිය මැර කණ්ඩායම යොදවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට පහරදිමටද කටයුතු කලා.
උපුටා ගැනීම : Lankanewsweb.today
Friday, May 6, 2016
මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මරණය ඝාතනයක්!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment