ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය ඉන්දිය රජයේ අනුග්‍රහයද ඇතුව තමා සතු කර ගත් වෙල් විදානේ ෆෝන්සේකා පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේදී ගෝඨාභයට එල්ල වූ පිත්තල හන්දියේ බෝම්බය ඔහු විසින්ම අටවා ගත් එකක් යනුවෙන් කරන ලද අමන තකතිරු කතාව සම්බන්ධයෙන් අද හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා නිසි පිලිතුරු ලබාදුන්නා…
කොළඹ කොල්ලුපිටිය පිත්තල හන්දියේදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරමින් ත්‍රිවීල් බෝම්බයක් පුපුරුවාහැර හමුදා නිලධාරීන් තිදෙනකු මරණයට පත්කළ එල්ටීටීඊ සැකකරුවන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ දී අධි චෝදනා ගොනු කරමින් නඩු පවරනු ලැබුවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට තැත්කිරිම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරිම, ආධාර අනුබල දීම, හමුදා නිලධාරින් තිදෙනකු මරණයට පත්කිරිම ඇතුළු චෝදනා යටතේ මේ නඩුව පවරා තිබිණි.
2006 ජුලි මස හා දෙසැම්බර් මාසය අතර කාලය තුළදි දැනට මියගොස් ඇති බාල සිංහම් විජේ කුමාර් නමැති අය සමඟ එක්ව කුමන්ත්‍රණය කැර ත්‍රස්තවාදි කටයුතු කිරිම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය යුතු වැරැදි සිදු කිරිම ඇතුළු චෝදනා නීතිපතිවරයා ඉදිරිපත් කැර ඇත.පොන්නසාමි කාතුගේසු සිවාජි, සිවලිංගම් අරූරන්, පද්මනාදන් අයියර්, ශ්‍රි ස්කන්ධ රාජා ශර්මා,හා සෙල්වචන්ද්‍රන් වෙල්ලයියා තලායන් යන සැකකරුවන්ට මේ චෝදනා ගොනු කෙරිණි.
Monday, May 9, 2016
වෙල් විදානේට ගෝඨාභය කන රත්වෙන්න දෙයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment