මහින්ද උගන්ඩාවේ හා චීනයේ සංචාරයකට සූදානම්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

මහින්ද උගන්ඩාවේ හා චීනයේ සංචාරයකට සූදානම්!

මහින්ද උගන්ඩාවේ හා චීනයේ සංචාරයකට සූදානම්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ හා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. 

උගන්ඩාවේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගි වීමට ඔහු මෙසේ විදේශ ගතවීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපතිවරයා සමග ප්‍රසන්න රණතුංග ඇතුළු ඒකාබද්ධ 

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එම සංචාරයට එක්වීමට නියමිතව ඇත.  ඔහු සමග විදේශ ගතවීමට යෝෂිත රාජපක්ෂ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ කල් දැමූ චීන සංචාරය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad