පසුගිය රජයේ දේශපාලනඥයන් 15කට ළඟදීම වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

පසුගිය රජයේ දේශපාලනඥයන් 15කට ළඟදීම වැඩ වරදී

පසුගිය රජයේ දේශපාලනඥයන් 15කට ළඟදීම වැඩ වරදී
පසුගිය රජය සමයේ ව්‍යාජ ගනුදෙනු සහ අයථා ලෙස දේපළ රැස්කරගෙන ඇතැයි කියන දේශපාලනඥයන් 15 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බව පොලිසිය පවසයි.

ඇතැම් දේශපාලනඥයන් තම ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නම්වලින් මිලදී ගෙන ඇතැයි කියන දේපළ පිළිබදවද පොලිස් මූලස්ථානයට ලැබී තිබූ තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසයටත්, අල්ලස් කොමිසමටත් යවා ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ ගනුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය එම දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත් වූ අවස්ථාද ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. 

දැනට පරීක්ෂණ අවසන් වෙමින් තිබෙන අදාළ ගොනු පිළිබඳව අවසාන නිගමනයන් ලබන සතියේදී අවසන් කොට ඒවා නීතිපති උපදෙස් ලබාගැනීමට යවන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය. 

No comments:

Post a Comment

Post Bottom Ad