ඇමැතිවරුන්ගේ විෂයන් වෙනස් වෙයි - වැඩි පිරිස එජාප ඇමතිවරුන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

ඇමැතිවරුන්ගේ විෂයන් වෙනස් වෙයි - වැඩි පිරිස එජාප ඇමතිවරුන්

ඇමැතිවරුන්ගේ විෂයන් වෙනස් වෙයි - වැඩි පිරිස එජාප ඇමතිවරුන්
කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයයන් කිහිපයක් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ. 
අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් තොරව අමාත්‍යාංශ සතු විෂයන් ගැසට් නිවේදනයක් මගින් වෙනස් කිරීමට රජය තීරණය කර ඇති අතර නව විෂය සංශෝධනය යටතේ වැඩිම විෂයයන් සංඛ්‍යාවක් වෙනස් කරනුයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ගේ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරකුත් මාස 5ක් තුළ අමාත්‍යවරුන් ඇමැති ධුර දරමින් පෙන්වූ ප්‍රගතිය සැලකිල්ලට ගෙන මෙලෙස විෂයයන් සංශෝධනය කිරීමට කටයුතු කරන බව රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු සඳහන් කළේය. 

විෂයයන් වෙනස් කරන ඇමැතිවරුන් අතර එක්සත් ජාතික පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨයකු ඇතුළු ප්‍රබල දේශපාලනඥයෝ කිහිප දෙනකුම සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අමතරව ආයතන විශාල සංඛ්‍යාවක් හිමි අමාත්‍යාංශ විෂයයන් මෙම සංශෝධනයේදී වෙනත් අමාත්‍යාංශ අතර බෙදා හැරීමටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad