බස් ගාස්තු සියයට 25කින් ඉහළ යන ලකුණු! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

බස් ගාස්තු සියයට 25කින් ඉහළ යන ලකුණු!

බස් ගාස්තු සියයට 25කින් ඉහළ යන ලකුණු!
රජය විසින් ඉහළ දමනු ලැබූ වැට් බදු සමග බස් කර්මාන්තයට බලපාන සියලු පිරිවැයත් සියයට 50ක් පමණ මිල ඉහළ ගොස් ඇති බවත් මේ නිසා ඉතා කඩිනමින් සියයට 25ක් පමණ බස්ගාස්තු වැඩිවීමක් සඳහා රජය ඉඩදිය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.

යම් ලෙසකින් රජය බස් ගාස්තු වැඩිවීමක් ලබානොදුන්න හොත් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි  බස් වර්ජනයක් අරඹන බවත් මේ පිළිබඳව සියලු බස් සංගම් හා සමාගම් සමග ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවත් අංජන ප්‍රියංජිත් මහතා පැවසී ය. 

අවසන්වරට බස් ගාස්තුව වැඩිවූයේ මීට වසර 3කට පමණ පෙර බවත් එදා සිට මේ දක්වා බස් කර්මාන්තයට බලපාන ටයර්, ටියුබ්, බැටරි ඇතුළු සේවක වැටුප් පවා විශාල ලෙස මිල වැඩිවී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම ජුනි 01 දා වන විට වාර්ෂික බස් ගාස්තු වැඩිවීමද බස් හිමියන්ට ලබාදිය යුතු බවත් පෙර වසරවල මෙන් මෙවරත් ආණ්ඩුව එය පැහැර හැරියහොත් බස් වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ගෙනයන බවත් ඒ මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad