මහින්දගේ ආරක්ෂාව ගැන රනිල්ගෙන් දැඩි තීන්දුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

මහින්දගේ ආරක්ෂාව ගැන රනිල්ගෙන් දැඩි තීන්දුවක්

මහින්දගේ ආරක්ෂාව ගැන රනිල්ගෙන් දැඩි තීන්දුවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බැවින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු අසන ප්‍රශ්නයකට හැර වෙනත් අය ඔහු වෙනුවෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. 

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිතුරු නොදෙන ලෙස ජාතික රජයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කළ ඉල්ලීමකට අනුව අගමැතිවරයා මෙම තීරණය ගෙන තිබේ.  

පාර්ලිමේන්තුව තුළ ඉකුත් 03 වැනිදා මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගුටි බැට හුවමාරුව මුල් කර ගනිමින් මැති ඇමැතිවරු මෙම ඉල්ලීම කර ඇත.
මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු බැවින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මන්ත්‍රී වරප්‍රසාද යටතේ ඔහුට ප්‍රශ්නයක් නැගිය හැකි බවද මැති ඇමැතිවරු අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

හිටපු ජනාධිපතිවරයා එසේ නොකර වෙනත් අය හරහා තමන්ගේ ප්‍රශ්න මතු කිරීම නිසා ඇති වූ ගැටුමෙන් පාර්ලිමේන්තුව අපකීර්තියට පත් වූ බවද මැති ඇමැතිවරු අගමැතිවරයාට දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad