මඩ ව්‍යාපාරයේ පියා මෙන්ම ගොබේල්ස් න්‍යායචාර්‍ය අමාත්‍ය මංගල සමරවිර සිංගප්පූරුවේ විවේකී සුවෙන් සිටිමට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවිමට සිංගප්පූරුව බලාගොස් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
මංගල සමග මෛත්‍රීට කාලයක් සහය දක්වමින් රාජපක්ෂලාට එරෙහිව් මඩ ගසමින් ශ්‍රිලංකා ටෙලිකොම් හී අධ්‍යක්ෂක ධුරයක් දරමින් ආතල් ගන්නා අතර තුර සිරිසේනගේ සහොදරයා මෙන්ම ශ්‍රි ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනට මඩ ගසන්නට ගිහින් දොට්ට දැමු මංගල නිල මැස්සා ලෙස හැදින්වු තුසිත හල්ලොලූව සහ තවත් මහා පරිමාණයේ දුෂිත ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද මෙම සංචාරයට එක්ව තිබේ.
අදාළ ව්‍යාපාරිකයන් එරෙහිව මුල්‍ය වංචා රැසක් එල්ල ඇති අය වන අතර ඔහුන්ට ඇති චොදනා වලින් නිදහස් කර හැරිම සදහා මෙම මඩ මෙහෙයුමට ඔහුන් සම්බන්ධ කර ගැනිමට සුදානමක් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ජාතික ආණ්ඩුවේ අසාර්ථක ආර්ථ්ක වැඩපිළිවෙළ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට එල්ල වෙන ජනතාවගේ විරෝධය වෙනත් අතකට යොමුකිරිම සදහා මංගල-රනිල් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිම මේම හමුවේ ප්‍රධාන අරමුණ වි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
මැයි 19 වැනිදා රණවිරු විජයග‍්‍රහණයේ දිනය සැමරිම යටපත් කිරිමත් ඒ සදහා ඉදිරි සතිය තුල රටපුරා රාජපක්ෂලාට එරෙහිව මඩ ප්‍රචාරයන් සහ වෙනත් රටේ දේශපාලන අර්බුදයන් ඇති කිරිමට සියුම් මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි දැනට අනාවරණය වි ඇත්තේ.
යහපාලන උදාවීමත් සමග “විජයග‍්‍රහණයේ දිනය” සදහා අලුත් අර්ථකතනයක් දුන් අතර දැන් එය හදුන්වනු ලබන්නේ ‘අනුස්මරණයේ දිනයයි’ලෙසයි.මැයි 19 වැනිදා මහින්ද රාජපක්ෂ විජයග‍්‍රහණයේ දිනය ලෙස නම් කළත් මෙතැන් පටන් එය අනුස්මරණයේ දිනය නම් වන මාධ්‍ය හමුවක දී රජයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න ද තහවුරු කර සිටියා.
විජයග‍්‍රහණයේ සැමරුම වෙනුවට බජව් දමන යහපාලනය....
Thursday, May 12, 2016
මංගල-රනිල් සිංගප්පූරුවේ -රාජපක්ෂලාට මඩ ගහන්න මෙහෙයුමක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment