කප්පම් ඉල්ලා පැහැරගත් තරුණයා බේරාගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

කප්පම් ඉල්ලා පැහැරගත් තරුණයා බේරාගනියි

කප්පම් ඉල්ලා පැහැරගත් තරුණයා බේරාගනියි

රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා දින හතරකට පෙර වාරියපොලදී පැහැරගත් තරුණ ව්‍යාපාරිකයාගේ පුත‍්‍රයා නිකවැරටිය ඇළවක ප‍්‍රදේශයේ නිවසකින් සොයාගත් බව පොලිසිය පවසයි.

රුපියල් කෝටි 2ක කප්පමක් ඉල්ලා 20 හැවිරිදි මෙම තරුණයා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගත් බව වාර්තා විය.

පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව තරුණයා බේරාගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

ඔහු රඳවාගත් බව කියන දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් එම දෙදෙනා අතර ටියුෂන් ගුරුවරයකුද සිටින බවත් වාර්තා වේ.

තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසී ය.

වාරියපොල ව්‍යාපාරික පියාගෙන් මෙම මුදල ඉල්ලා තරුණයා පැහැගෙන ගොස් තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad