පැනමා ලැයිස්තුවේ රාජපක්ෂලා නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

පැනමා ලැයිස්තුවේ රාජපක්ෂලා නෑ

මේ රටේ ජනතාව තමන් සමග සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(10) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී පැනමාහි මුදල් තැන්පත් කළ අය පිළිබඳව හිටපු ජනපතිවරයාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා පැවැසුවේ 'ඒකේ රාජපක්ෂලා නෑ නේද?' යනුවෙනි. 

නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතල වංචා පිළිබඳ කොමිසමටත්, යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය වංචා විමර්ශන ඒකකයටත් පැමිණීම පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා පැවැසුවේ එය දේශපාලනය පළිගැනීමක් බවයි. 
එම වීඩියෝව පහතින් නරඹන්න

වීඩියෝ - අද

No comments:

Post a Comment

Post Bottom Ad