මුළු සමාජයම බියට පත් ව සිටි යුගයක, මාධ්‍ය ලිවීමටත් අධිකරණය නඩුවක් ඇසීමටත් බිය වී සිටි කාලයක ජනතා විමුක්ති පෙරමුණ විසින් දූෂිත රාජපක්ෂ කල්ලියට එරෙහි ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ඔවුන්ගේ පාලනය බිඳ වැටීමේ ප්‍රමුඛත ම කාර්ය ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බව ඔහු පෙන්වා දෙයි. එම ක්‍රෝධය ඔවුන් තුළ පවතින බවත් ඔවුන් නැවත බලයට ඒමේ ප්‍රධාන බාධකය බවට පත් ව සිටින්නේ ද ජනතා විමුක්ති පෙරමුණ බව ඔවුන් දන්නා බවත් ඔහු පෙන්වා දෙයි.
පසුගිය ඉරිදා දිවයින සංග්‍රහයේ පළ වූ පුවතක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් පුවත්පත් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අවලාද, මඩ, අසත්‍ය තොරතුරුවලින් පිරුණු ලිපියක් එදින පළ වී තිබූ බවත් එම ප්‍රවෘත්තියත් ඒ හා බැඳුණු විශේෂාංග ලිපියත් මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
රටේ තිබුණු මාධ්‍ය සම්ප්‍රදායන්, විශේෂයෙන් දිවයින වැනි පුවත්පතක තිබුණු මාධ්‍ය සම්ප්‍රදායන් මුළුමනින් ම උල්ලංඝණය කර පරාජිත මහින්ද රාජපක්ෂ කල්ලියේ මඩ ෆැක්ටරිය බවට පත්වීමේ උවමනාව මත එය සිදු කර ඇති බව සඳහන් කරයි.
මීට පෙර දිවයින පුවත්පතේ වැදගත් කර්තෘවරු කටයුතු කර ඇති බවත් මේ වනවිට අනුර සොලමන්ස් ඇතුළු කුඩා කල්ලියක් විසින් දිවයින පුවත්පත මුළුමනින් ම ගිලගෙන ඇති බවත් ඔහු පවසයි. අද දිවයින පුවත්පත බ්ලූමැන්ඩල් කුණු කන්ද බවට පත් ව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
එම වීඩියෝව පහතින්,

No comments:
Post a Comment