කැළණිය විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් පසුගිය 26 වැනිදා සවස 05.00 වන විට සියලූම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබුණ ද එම නියෝග නොතකමින් නේවාසිකාගාරවල රැඳී සිටි සිසුන් පිරිසකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
අවස්ථා කිහිපයකදීම සිසුන්ට ඉන් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දැනුම්දුන්න ද සිසුන් 13 දෙනෙකු එම නියෝග නොතකමින් නේවාසිකාගාර රැඳී සිට තිබේ. ඒ අනුව පාලනාධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් කැලණිය පොලීසියට දැනුම් දී ඇති බව සඳහන් වේ.
කැලණිය පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර ඒ අනුව අදාළ සිසුන් 13 දෙනාට අද (10) දිනයේ මහර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව එම පැමිණිල්ල අද කැඳවු අවස්ථාවේ දී මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා සිසුන්ට තරයේ අවවාද කර නිදහස් කර ඇති බව වාර්තා වේ.

No comments:
Post a Comment